හඬකැවීම් ශිල්පියෙකු ලෙසත්, විටක හඬ කැවීම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, පරිවර්තකයෙකු ලෙසත් කටයුතු කරන ඔහු ළහිරු වෙඩිපුල්ල ආරච්චිය. මේ කතාබහ ඔහු සමගය.
මේ ක්‍ෂේත්‍රයට සම්බ්නධ වෙන්න ඉඩක් ලැබෙන්නේ කොහොමද?
හඩ පරීක්ශනයකට අවස්තාව ලැබෙන්නෙ සිරස රූපවාහනියේ අතුල ජයසින්හ අයියගෙන්. ඒ 2009 දි.. ඒත් එක්කම රූපවාහිනියට අයදුම්පත් දානවා. එහෙම ආරම්භ උනු හඩකැවීම 2012 දි වගේ හිරු TV හඩ කැවීම් අන්ශය එක්ක එකතු වෙනවා.
කසුන් ජයවර්ධන කියන හිරු ටී.වී. හි හඬකැවීම් අධ්‍යක්ෂකතුමා එක්ක මම වැඩ කළා. ටී.වී. "දෙරණ", "සිරස", "ස්වර්ණවාහිනිය" වැනි ලංකාවෙ ප්‍රධාන විද්‍යුත් නාළිකාවල හඬ කැවීම් කටයුතු සිදු කරනවා. 2015 ටි.වී. "දිදුල" කියන ඩයලොග් ටී.වී. ඔස්සේ විකාශනය වන ළමා නාළිකාව තුළ හඬ කැවීම් අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එහි හඬ කැවීම් අධ්‍යක්ෂක හා හඬ කැවීම් ප්‍රධානී ලෙස යුතු කළා. දැන් ඉන් ඉවත්වෙලයි ඉන්නෙ.
හඬ කැවීම් ශිල්පියෙකු ලෙස මේ වනවිට දායක වන නිර්මාණ ගැන කතා කළොත්?
"බ්‍රෝ" කියන ටී.වී. දෙරණ නාළිකාවේ විකාශය වන කාටුන් එකකට හඬ දායකත්වය ලබාදෙනවා. "රජ කැස්බෑවෝ", "Link alian vs monsters" හඬ කැවීම් ශිල්පියෙක් වගේම පරිවර්තයක් කළා. "කතරේ කුමරා" දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. හිරු ටී.වී. "සුරයන්ගෙත් සූරයා", "ජෝදා අක්බර්" නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ස්වර්ණවාහිනියේ "කැස්පර්" කාටුනයට දායක වෙනවා. "වලස් මුල්ල" , "තේ හලෝ මන්කි" යන කාටුන්වලට දායක වෙනවා. "ටී.වී.වන්" හි "සරස්වතී චන්ද්‍රන්" නාට්‍යයටත් හඬ දායකත්වය ලබාදෙනවා. රූපවාහිනියේ "මහාවානර" ටෙලි නාට්‍යයටත් හඬ කැවීමෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
කාටුන්වලට හා ටෙලි නාට්‍යවලට හඬකැවීම දකින්නේ කොහොමද?
මම හිතන විදිහට කාටුන් එකක් කියන්නේ වෙනමම හදපු චරිතයක්. ඒකට හැඩයක් වගේම පණක් දෙන්නත් ඕන. ටෙලි නාට්‍ය‘යේ තොල් සෙලවීම් ඒ විදිහටම කරන්න ඕන. තාත්වික බව රැකගැනීම තමයි ප්‍රධානම වෙන්නේ.
ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
උසස් පෙළ කළේ බයෝ සයන්ස්වලින්. හඬ කැවීම් ක්‍ෂේත්‍ර‘යේ ඉලක්ක ටිකක් තියෙනවා. මුලින් හඬ කවන්න යොමු වුණා. පසුව හඬ කැවීම් අධ්‍යක්ෂකවරයෙක් වුණා. ප්‍රසිද්ධ නාළිකාවක පරිවර්තකයෙක් වෙන්නත් හැකියාව ලැබුණා. ලොකුම අරමුණ හඩ කැවීම් පිලිබද විශාල අධ්‍යයනයක් කරලා ඒකෙ හිනිපෙත්තටම යන්නයි.
අපි වෙබ් අඩවියක් ආරම්භ කළා. "මයි ගබ් lk", එය අධ්‍යාපනික වෙඩ් අඩවියක්. මාස හතරක් පමණ එය ආරම්භ කරලා ලෝකේ සිදුවන දේවල්, නව තාක්ෂණය ගැන වගේම හඬ කැවීම්, රංගන, නිරූපණ තත්ත්වයන් ගැන එතුළින් කතා කරනවා. ඒ වගේම මම IT ගුරුවරයෙක්. නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.
සටහන-රංගන මධුසංඛ / ඡායාරූප-කවිත් මිලින්ද



