හජ්ජි උත්සවය අදයි


(යොහාන් භාසුර)

මුස්ලිම් බැතිමතුන් වාර්ෂිකව සමරන මක්කම වන්දනාව හෙවත් ‘හජ්ජි’ උත්සවය අද (7) දිනයට යෙදී තිබේ.

‘හජ්ජි’ වන්දනාව මුස්ලිම් ධර්මයේ පස්වැනි කුළුණ ලෙස සළකන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙක්ම සිය ආයුකාලය තුළදී එක වරක්වත් එය ඉටු කිරීමට බැඳීසිටින්නේ යැයි මුස්ලිම් බැතිමත්හූ පවසති.

එම අවස්ථාව මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් සහ නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙස ද සළකයි.

ඉස්ලාමික දින දර්ශනයට අනුව මෙම වන්දනාවේ යෙදෙන්නේ දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දින සිට පහළොස් වන දින දක්වා වන අතර ඉස්ලාමීය දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයකි.