හක්වටුන ජලාශයට සිසුහු දෙදෙනෙක් බිලි වෙති


පොල්පිතිගම හක්වටුන ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් ගොඩගෙන පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොතුහැර පී.ඒ. සජිත් විදුරංග (14) සහ මැටිකුඹුර පුෂ්ප නෙරංජන මියගිය අය වෙති.