හක්ගල පාරට පස් කන්දක් එයි


වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසල පාරට පස් කන්දක් කඩා වැටී අද (25) පැය අටක් පමණ ගමනාගමනයටද බාධා එල්ල විය.

කඩා වැටුණු පස් කඳු ඉවත් කර මාර්ග පිළිසකර කළද නොනවතින වර්ෂාවත් සමග තවත් පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.