( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ ආයුධ තුනක්ද ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කප්පම් ගැනීම් හේතුවෙන් මාස ගණනක් පුරා වෙළඳසැල් වසා දමා තිබු බවද ඇතැම් පිරිස් ගම්බිම් පවා හැරගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබු බව පොලීසිය සඳහන් කරයි.