සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණත් රස්සාව නිසා යන්න බැරිවුණා


2017-01-31-ent-202

මුදිත විසින් "ඇසේ ඇසේ" නමින් නවතම ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එය රචනා කළේ දර්ශන අශෝක කුමාර විසිනුයි. සංගීත නිර්මාණය කළේ චාමර හපන්ගම. අපි ඒ පිළිබඳව "සාරවිට" වෙබ් අඩවියට මුදිත සම්බන්ධ කරගත්තා.

"2001 දී නවරත්න ගමගේ විසින් සංගීතවත් කළ "තටු කඩා හැලුණු" ගීතය තමයි නිර්මාණය කළේ. එය තමයි මුලින්ම මාධ්‍යයක ප්‍රචාරය වුණේ. එයින් තමයි ජාතික තලයේ නිර්මාණ සඳහා ආසාවක් ඇතිවුණේ. ඒකාලෙ එය ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය වීමෙන් තමයි එයට අවශ්‍යතාව ඇතිවුණේ. සාමාන්‍ය පෙළට සහ උසස් පෙළ සංගීතයට A සාමාර්ථයක් හිමිවුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණත් රස්සාව නිසා යන්න බැරිවුණා. මේ දක්වා ගීත 16 ක් පමණ ගීත ගායනා කර තිබෙනවා. රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, කරුණාරත්න විජේවර්ධන, දර්ශන අශෝක කුමාර සහ ඉසුරු ජයරත්න, එච්.එම්. ජයවර්ධන, සංගීත විජේසූරිය, සංජීව පරණමාන, චාමර හපන්ගම යන අය සංගීතවත් කළා. කැලුම් ශ්‍රීමාල්, යමුනා මාලනී පෙරේරා, ශාන්ත කුමාර විතාන, දර්ශන අශෝක කුමාර යන අය පද රචනා කළා."

 

 2017-01-31-ent-203
2017-01-31-ent-204
2017-01-31-ent-205