සෞදියේදී මියගිය කතගේ තොරතුරු හොයයි


සෞදි අරාබියේදී මියගිය වීරසිංහ පේඩිගේ ලීලාවතී (49) නැමැති ශ්‍රී ලාංකික කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් සිටී නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට වහා දැනුම් දෙන්නැයි එම අමාත්‍යාංශය මහජනාතාවගෙන් ඉල්ලා සිටී.

ගිරිඋල්ල,මැද්දෙපොළ, ගුරුහල්ගොඩ අංක 256 දරණ ලිපිනයේ පදිංචිව සිටි මියගිය කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 665164039ඩ වන අතර ,විදෙස් ගමන් බලපත‍්‍රයේ අංකය භ 4290558 වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මෙම කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් හෝ ළඟම ඥාතීන් සිටී නම් කොළඹ 01 , සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ  කොන්සියුලර් අංශයට පැමිණ හෝ නැතහොත් 011/2437635 සහ 011/2335940 යන දුරකථන අංකයන්ට කථා කොට දන්වන ලෙස එම අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.