සෞදියේදී පින පෑදේ


පසුගිය ඔක්තෝබර් 3 වැනි දින සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවයට ලාංකික ගෘහසේවිකාවක සෞදි දරුවකුද වඩාගෙන ආවාය.

ගමන්බලපත්‍රය දීර්ග කරගැනීමට පැමිණ සිටියේ ගෙදර හිමිකාරිය සහ ඇයගේ හුරුබුහුටි දරුවෙකු සමගය. එම දරුවා ශ්‍රී ලාංකික කාන්තාව සමග හුරතල් බස් කියමින් ඇයගේ ඇකයේම සිටියේය. දරුවා කිසිම අවස්ථාවක තම දෙමාපියන් නොසොයන බවත්  තමා එම දරුවාගේ අම්මා ලෙස මට ඉතා ලෙන්ගතුවී සිටින බවත් ඇය කීවාය. මෙම දරුවා ඇයගේ ඇකයේ සිටම තානාපති නිලධාරීන්ගේ මේසය මත තුබූ ශ්‍රී ලංකා ධජය ගෙන ඇතමෑත කරන්නට විය. 
ශ්‍රී ලාංකික පැවසුවේ නිවැසියන් තමාට ඉතා හොදින් සලකන බවය. මට ලැබිය යුතු සියලු වැටුප් හා අනිකුත් පහසුකම් නියමිත පරිදි ලැබෙන බවද ඇය කීවාය.

DSC02571 DSC02574