සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගත යුතු පියවර පිළිබදව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය උපදෙස් දෙයි.
විවිධ හේතු මත සෞදියේ අනවසරයෙන් රැදී සිටින විදේශික සංක්‍රමිණිකයින් සදහා කිසිදු පොදු සමා කාලයක් ලබා දි නැත. මාස තුනක සහන කාලයක් පමණක් දී නීත්‍යනුකූලව එහි පැමිණි ආයතනයෙන් හෝ සේවායෝජකයාගෙන් බැහැරව එහෙත් නියමිත රැදී සිටිමේ බලපත්‍රයක් ඇති විදේශිකයන්ට පමණක් වන අතර ලබා දී ඇති එම සහන කාලසීමාවේදී අදාල ස්ථානය හෝ සේවා යෝජකයා යටතට පැමිණ රැකියාව කළයුතු බවයි.
එසේ තම සේවා යෝජකයා හෝ ආයතනය සතුව රැකියා කිරීමට පහසුකම් නොමැතිනම්වෙනත් සේවා ස්ථානයකට තම ලියකියැවිලි මාරු කරගනිමින් රැකියාව කළ යුතු බවත් එම කරුණු දෙක සදහාම එකගතාවක් නොමැති නම් තමා පැමිණි සේවා යෝජකයා මගින් මව් රටට යාම සදහා අවස්ථාව උදාකර ගත යුතු බවත් තානාපති කාර්යාලය කියයි.
නිත්‍යනුකූලව පැමිණ රැකියාව කරනා ස්ථානයේ රතු සටහන තිබේ නම් වෙනත් සේවා ස්ථානයකට යාම සදහා එම ආයතනයෙන් බාධාවක් නොමැති අතරම සෞදි කම්කරු අමාත්‍යංශයන්ද ඒ සදහා පහසුකම් සලසන බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නිළධාරියා පැවසීය.
කෙසේ වුවත් කිසිදු අනවසර හෝ අවතැන් වු ශ්‍රී ලාංකිකයකු තානාපති කාර්යාලය භාරයට ගැනීමට නීතිමය තත්වයන් නොමැති අතරම රඳවා තබා ගැනීමට කිසිදු පහසුකමක් නොමැති බවද සෞදියේ සාමාන්‍ය නීතිය යටතේ ආගමන විගමන කඳවුරු වෙත භාර වන අනවසර සංක්‍රමණිකයින් සදහා නීතීමය කටයුතු කිමකිරීමටත් අනතුරුව සිය මව් බිමට යාමට අවස්ථාව සලසා දීමටත්සෞදි රජය පියවර ගන්නා බවයි.