සෞදි අරාබියේ නැගෙනහිර පළාත් ශ්‍රි ලංකා විදේශගත වුවන්ගේ සංගමය වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන බත් දන්සැල පෙර දින දමාම් අල්සාපී උත්සව ශාලාවේදී පැවැත්විණි. සෞදි අරාබියේ ශ්‍රී ලංකා නව තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමුරුති මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් ද විවිධ රටවල විශාල පිරිසක් ද මෙම දන්සැලට පැමිණයහ. ලංකා බැංකුවේ සෞදි අරාබි නියෝජිතයන්ගේ විශේෂ අනුග්‍රහයද තමාමි නගරය සහ තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයෝ ද මීට සහයෝගය දැක්වීය.