සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමය මගින් වෙසක් පොහෝ දිනට සමගාමීව වසරක් පාසා සංවිධානය කරන බත් දන්සල නැගෙනහිර පළාත දමාම් නයිට් වන් -දල්ලා ප්‍රදේශයේ අල් සෆි උත්සව භූමියේදී ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිත යැයි එම සංගමයේ නව සභාපති එස් .එල් පතිරාජ මහතා පවසයි.
එදිනට බත් දන්සලට සහභාගී වී එය භුක්ති විදින ලෙස එරට සිටින සියළු ශ්‍රී ලාංකිකියන් හට අරාධනා කරන අතර වැඩි විස්තර 0500998349 ඇමතීමෙන් ලබා ගත හැකි යැයිද සංවිධායක මණ්ඩලය පවසයි.