සෞදියේ මිතුරු හමුව මහ ඉහළින්


සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් අයි.ඩී.ජී.සී.  ආයතනය මගින් සංවිධානය කරන ලද මිතුරු හමුව ආධ්‍යාත්මික විනෝදජනක වැඩසටහන පසුගිය සිකුරාදා විශාල ශ්‍රී ලාංකික පිරිසක් මධ්‍යයේ සාර්ථක අන්දමින් පැවැත්විණ.

සවස 4.00 සිට රාත්‍රී 10.00දක්වා පැවැති මෙම මිතුරු හමුව සඳහා ශ්‍රී ලංකාවේ ආවේනික ජන ක්‍රීඩා කිහිපයකින්ම සමන්විත වූ අතර ගෝනියේ බැස දිවීම, දෙහිගෙඩිය හැන්දේ තබා දිවීම, කෙටි ධාවන තරඟ, බදා ගැනීමේ තරග, සංගීත පුටු තරගවලින් සමන්විත වූ අතර සංවාධාත්මක දේශන, කථීක තරග සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලින්ද සමන්විත විය.

දුම්බීමේ ආදීනව සහ දුම්බීම මගින් මිනිහාටත් සමාජයටත් වන හානිය පිළිබඳව දීර්ඝ දේශනයක්ද ශ්‍රී ලාංකික මවුලවිතුමකු විසින් කරන ලද දේශනය ඉතාමත් හරවත් සහ ව්‍යක්ත දේශනයක් විය.

සිංහල සහ ද්‍රවිඩ බසින් පැවැති මෙම මිතුරු හමුව සඳහා ඉන්දියානු ජාතිකයින්ද සහභාගි වී සිටීම කැපී පෙනිණ. විවිධ තරග ඉසව්වලින් ජයගත් ජයග්‍රාහකයින් සඳහා ත්‍යාගද පිරිනැමුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ‘මිතුරු හමුව‘ සමාප්ත විය.

.