සෞදි රජය විසින් මාස හතකට ලබා දුන් පොදු සමා කාලය අනුව 2010 වසරට ප්‍රථම සෞදි අරාබියට පැමිණ හෝ කිසියම් ආකාරයකින් ඇඟිලි සලකුණු පරිගණක ගත නොවු ,අවතැන් හෝ නීති විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින පන්සියයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසකට මව් බිමට යාමට සුදුසුකම් නොලැබීම පිළිබදව, රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරින් සෞදි රජයේ බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
නොවැම්බර් මස 4 වැනි දිනෙන් පොදු සමා කාලය අවසන් වුවද මව්බිමට යාමට සුදුසුකම් ලැබු එහෙත් ඇගිලි සලකුණු පරිගණක ගත නොවීමේ හේතු මත සෞදි ආගමන විගමන නිලධාරීන් හරවා එවන ලද 500 ක් පමණ ශ්‍රී ලාංකික පිරිස හට නැවත ඇගිලි සලකුණු ලබා දීම මව් බිමට යාමට පිටත්ව යාම සදහා සුදුසුකම් ලබා දීමට සෞදි රජය පියවර ගන්නා බවවද වැඩි දුරටත් පවසයි.
දැනටමත් තම කටයුතු ආරම්භ කැර ඇති බව පවසන මුතුමාල මහතා පැවසුයේ අද (10) නිල වශයෙන් ඇගිලි සලකුණූ ලබාදීම ආරම්භ කරන නමුත් පසුගිය සතියේ සිට ඇගිලි සලකුණු ලබා දුන් ශ්‍රී ලාංකිකයන් සැළැකිය යුතු පිරිසකට අවසන් පිටවීමේ විසා ලබා දීමට සෞදි බලධාරීන් කාරුණික වු බවයි.
කෙසේ වුවද පොදු සමා කාලය ඉක්මවා නව ඇගිලි සලකුණු පරිගණක ගත කර කිසිවකුටත් සෞදි අරාබියට නැවත පැමිණිමේ වරප්‍රසාද අහිමිවන බවද පැවසීය.