සෞදි අරාබියේ නැගෙනහිර තානාපති කාර්යාල ජංගම සේවා පරිශ්‍රයේදී තානාපති කාර්යාල භාරයට ගත් කැකිරාව ගෝනපතිරාව එම්.එච්.දනවතී මේ වන විට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නිවසේ සිටින බව කම්කරු කටයුතු පිළිබඳ නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා කියයි.
ඇයගේ ඥාතීන් සමග කථා බස් කිරීමටද ඇයට අවස්ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවට පිටත් කර හැරෙන තුරු සියලු පහසුකම් ලබාදී ඇති බවත් වගකීම හා ආරක්ෂාව තානාපති කාර්යාලය දරන බවත් ඔහු කීවේය.
පසුගිය 8 වැනිදා දනවතී මහත්මිය සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාවට පැමිණ සිටියේ සිරියානු ජාතකයකු සමග ගමන් බලපත්‍රය අලුත් කරගැනීමටය. වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ඇය වසර 12 ක කාලයකට ශ්‍රි ලංකාවට යවා නොමැති අතර වසර 11ක් වැටුප් ලබා නොදී ඇති බවද අනාවරණය කර ගෙන ඇත.



