සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ


සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන  අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප සභාපති එල්.එස් පතිරාජ මහතා කීයයි.

වසර 10යකට අදික කාලයක් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සාධන කටයුතු සම්පාදනය කරමින් සෑම වසරකම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ නමුත්  මේ වනවිට සෞදි අරාබියේ පවතින වාතාවරණය හා නීතිමය පසුබිම හමුවේ  මෙවර සිංහල-හිංදු අළුත් අවුරුදු උළෙල සංවිධානය කිරීමට නොහැකිවීම  ගැන නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශ ගතවූවන්ගේ සංගමය තම ශ්‍රී  ලාංකික  සහෝදර ප්‍රජාව වෙත කනගාටුව ප්‍රකාශ කර සිටී.

එමෙන්ම මෙම වාතාවරණය සමනය වූ වහාම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දී සියළු උත්සව සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පතිරාජ මහතා සියළු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටී.