සෞදියේ අතරමං වූ අය ටික ටික ගෙන්වයි


සෞදි අරාබියේ ජෙඩා නුවර අතරමංවී සිටින සහ වීසා නැතිව සිටින පිරිස් කඩින් කඩ ගෙන්වා ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අතරමංවී සිටින පිරිස 200කියි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණේ චමින්ද මඩවලට පැවසීය.

අසරණ වී සිටින අයට රජයෙන් ගුවන් ටිකට් නිකුත් කරන බවත්, වීසා නැතිව අතරමංවී සිටින අය ඔවුන්ගේ මුදලින් පැමිණිය යුතු බවත් සෞදියේ ශ්‍රී ලාංකා ආරංචි පවසයි.