සෞදියෙන් යවන පියවර අරඹයි


සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශය අනවසර විදේශිකයින් සඳහා වූ සමා කාලයට අදාළ තාවකාලික ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇතැයි රියාද් තානාපති කාර්යාලය අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
රියාද් තානාපති කාර්යලයයේ දැනට ලියාපදිංචි වී ඇති කාන්තා හා පිරිමි ශ‍්‍රමිකයින් 300 කට පමණ තාවකාලික ගමන් බලපත‍්‍ර නිකුත් කර ඇත. ඉන් බොහෝ දෙනෙකුට ආගමන විගමන (ජවාසාන්) කාර්යාලය මගින් ලබා දෙන පිටවීමේ වීසා ද දී ඇත.
රියාද් කලාපයේ දැනටමත් ලියාපදිංචි වී ඇති හෝ නැති සියලූ දෙනාම තානාපති කාර්යාලයයේ රියාද් කාර්සාල පරිශ‍්‍රයට පැමිණ ගමන් බලපත‍්‍ර ලබා ගෙන මව් රටට යෑමට සූදානම් වෙන ලෙස ඔහු අවධාරණය කරයි.
ඒ අතර සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දැනටමත් ලියාපදිංචි වී ඇති සියලූම ශ්‍රී ලාංකිකයින් මැයි මස 17 වැනිදින උදෑසන 8.00 සිට පස්වරු 5 දක්වා දම්මා තොබාර් අධිවේගී මාර්ගයේ පිහිටි ඇස්ටූන් රෝහලට යාබදව මීටර් 10 ක් ඉදිරිපිටින් පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් පරිශ‍්‍රයේ පැවැත්වෙන තානාපති විශේෂ ජංගම සේවාව වෙත පැමිණ නිලධාරින් ලබා දී ඇති රිසිට්පත ඉදිරිපත් කර තම ගමන් ලියැවිල්ල ලබා ගෙන දමාමි නයින්ට් වන් (91) පිහිටි ආගමන විගමන කාර්යාලය වෙත ගොස් සෞදි අරාබියෙන් පිටවීමට වීසා පත ලබා ගන්නා මෙන් දන්වා සිටී. එදින සිදුවනුයේ ලියාපදිංචිය පමණී කිසිවකුත් ශ්‍රී ලංකාවට එවීම සඳහා තානාපති කාර්යාලයට බාර නොගැනේ.
ජූලි මස 03 වැනි දිනට පෙර සෞදි අරාබියෙන් පිටව යා යුතු බැවින් ගුවන් ටිකට් පත ඉක්මනින් ලබා ගත යුතු බවද මුතුමාල මහතා අවධාරණය කරයි.
මෙම සමා කාලය මගින් මවු රටට පිටව යන සියලු දෙනා සඳහාම පැවැති නිත්‍යනුකූලව සෞදි අරාබියට පැමිණීමට කිසිදු බාධාවක් නැති බවද මුතුමාල මහතා පවසයි.