සෞදි අරාබියෙන් ලබාදුන් පොදු සමා කාලයට අමතරව එහි නැගෙනහිර ප්‍රදේශයේ තාවකාලික බලපත්‍ර සහිතව අනවසරයෙන් රැඳී සිටින හා අවතැන් වූ ලාංකිකයන්ට පිටවීමේ වීසා ලබාදෙන බව නැගෙනහිර සුබ සාධන නිලධාරී චාලි තලයරත්න මහා පවසයි.
තාවකාලික ගමන් බලපත්‍ර සහිත සියළු ලාංකිකයන්ට සිය ලියවිලි සමග නයින්ටිවන් ආගමන විගමන කාර්යාලයෙන් පිටවීමේ වීසා ලබාගත හැකි බව ද නිවේදනය කැර තිබේ. මෙම අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 03 දා දක්වා පමණි.