සෞදියෙන් තාවකාලික රැකියා නැහැ


නොයෙක් හේතු මත සේවා ස්ථානයෙන් පළා ගොස් අවතැන් වූ ශ්‍රී ලාංකිකයනට තාවකාලික රැකියා ලබා දීමට සෞඳි රජය එකඟ වී ඇති බවට පළ වූ   වාර්තා  අසත්‍ය යැයි  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලාංකිකයනට පමණක් විශේෂ නීතියක් හඳුන්වා දී නැති බව ද, ශ්‍රී ලාංකිකයනට එසේ තාවකාලික රැකියා දෙන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත අනෙකුත් ජාතීන්ටද දීමට සිදු වනු ඇති බව ද එම නිලධාරියා කීවේය.

ලංකා රජය මැදිහත් වීමෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වීමට කටයුතු නොකිරීමට ගැන සෞදි ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ල පළකරති.