පෙබරවාරි හතර වැනි දිනට යෙදුණු ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් සමරුව වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ ද සමරු උළෙලක් පැවැත්විණි.
ලෝක ප්‍රකට ඇකෝර් හොටෙල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සෞදි අරාබියේ අල් හොකයාර් ආයතනය යටතේ පවතින නොවෙටෙල් සුපිරි හෝටල් සංකීර්ණයේ දමාමි ශාඛ්‍යාවේ මේ උත්සවය පැවැත්විණි.
හෝටල් සංකීර්ණයේ ශ්‍රී ලාංකික විධායක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් විදේශගත ලාංකික එකමුතුව මෙම උළෙල සංවිධානය කෙළේය.
නොවෝටෙල් හෝටලයේ සාමාන්‍යාධිකාරී මොරොක්කෝ ජාතික නජිබ් අල් රයිස් මහතා විශේෂ ආරාධිතයකු වූ අතර හෝටලයේ කළමණාකරිත්වයේ දෙස් විදෙස් විදෙස් විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසක් එක්ව සිටීම සුවිශේෂ කරුණක් විය.
පැමිණ සිටි අය සඳහා අවසානයේදී කුසපත් ඇදීමකින් ත්‍යාග පරිත්‍යාග කිරීමක් ද ලාංකික විධායක මණ්ඩලය විසින් සිදු කැරිණි.