මාරාන්තික කොරෝනා වයිරසය වැලඳුණු ආසාදිතයින් පස් දෙනකු සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞදි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට නිකුත් කැර ඇති නිවේදනය සදහන් පරිදි වාර්තා වී ඇති ඇති කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් සියළු දෙනාම වයස අවුරුදු 73-85 දක්වා අය වන අතර 2012 වසරේ සැප්තැම්බර් මස මෙම කොරෝනා වයිරසය සොයා ගැනීමෙන් පසු හමු වු ආසාදිතයින් 49 දෙනා අතුරින් 35 දෙනකුම වාර්තා වී ඇත්තේ සෞදි අරාබියෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වී අනුව මෙතෙක් ලොව පුරා මෙම වයිරසයෙන් මිය ගොස් ඇති 23 දෙනා අතුරින් 18 දෙනකුම සෞදි අරාබියෙන් බවද වාර්තා වේ.
‘මර්ස් කෝව්‘‘ කෙටි නමින් හදුන්වනු ලබන මෙම වයිරසය ‘‘මැද පෙරදිග ස්වසන වයිරසය හා කොරෝනා වයිරසය‘‘ එකම පවුලේ සාමාජිකයින් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන අතර සාමාන්‍ය උණ තත්ත්වයන් මගින් මෙම වයිරසය ආසාදිත වන බවද සදහන් කරයි.
දැනට මෙම කොරෝනා මාරාන්තික වයිරස් රෝගයෙන් සෞදි අරාබියේ මරණයට පත් වු 18 දෙනා අතුරින් 17 දෙනකුම සෞදි ජාතිකයින් වන අතර සිරියා ජාතිකයන්ද අල් කසීම් රෝහලේදී මිය ගිය බව වාර්තා වේ.
අවසන් වරට මෙම වයිරසය මගින් මිය ගොස් ඇත්තේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් හසා ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අප්‍රේල් 18 වැනි දින මෙම රෝගය ආසාදිත වී රෝහල් ගත කර ඇත. මැයි 26 වැනි දින ඇය මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.