සෞදිය දෙමසක සමා කාලයක් දෙයි


සෞදි අරාබියේ  රැදී සිටින අනවසරික සංක්‍රමණිකයින්  සදහා මාස දෙකකට නොවැඩි  පොදු සමා කාලයක්  ලබා දුන් බව රියාද් තානාපති කාර්යාලය කියයි.

 ඊයේ (11) රාත්‍රි සෞදි අරාබි කම්කරු  අමාත්‍යංශය  විදේශිය නිලධාරීන්  කැදවා පැවැත්වු  සාකච්ඡාවකදී  මෙය තීරණය කළ බව තානාපති කාර්යාලය කියයි.

 මේ අනුව 2013 අප්‍රේල් 06 වැනි දිනට පෙර අවතැන් වු හෝ  අනවසරයෙන් රැදී සිටින සියලු  විදේශිකයින්  හට 2013 ජුලි මස 06 වැනි දිනට පෙර මෙරටින් පිට වීම සදහා  පොදු සමා කාලයක්  ලබා දී ඇති අතර තම හාමු පුතාගේ මැදිහත්වීමෙන්  තොරව සෞදි අරාබියෙන් පිටවීම සදහා  අවස්ථාව ලබා දී ඇත. කෙසේ වුවද ගුවන් ටිකට් පත්‍රය තමන් විසින් ලබා ගතයුතු අතර  ළඟම තිබෙන තානාපති කාර්යාලයෙන් හෝ කෙන්සියුලර් කාර්යාලය වෙත ගොස්  තාවකාලික බලපත්‍රයක්  ලබා ගැනීමෙන් අනතුරුව තම මව් රටට යාමට හැකි බවද තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලීය නිලධාරීන් පවසනුයේ  ඒ සදහා  විශේෂ ජංගම සේවාවන්  කිහිපයක්ද පැවැත්වීමට කටයුතු කරනා බවයි.

 කෙසේ වුවද මෙම කාල සිමාව බලපත්‍රයේ   ජුලි  03 වැනිදා දක්වා  පමණක් වන අතර ඊට පෙර රටින් පිට විය යුතු  බවද අවධාරණය කරන අතර ඉන් ඉදිරියටත්  සෞදියේ  අනවසරයෙන්  රැදී සිටින සියළු විදේශිකයින්ට දඩුවම් දීමට සෞදි රජය විසින් තීරණය කර ඇති බවද තානාපති කාර්යාලය  කියයි.