සෞදිගිහින් පළායන අයට පොදු සමාකාලයක්


සෞදි අරාබියේ  රැකියාවන් කරන සියළුම විදේශිකයින්  වෙනුවෙනු මාස 3 කාළයකට යටත්ව කම්කරු නීතී ලිහිල් කිරීමට සෞදි අරාබි කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි  සෞදි අරාබි පුවත්පත් සදහන් කරයි.

අනවසරික සංක්‍රමිකයින්  හා නීත්‍යනුකූල ආයතනයෙන් පරිභාහිරව රැකියා කළ විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා ඇත.

 සෞදි  පුවත්පත් පවසන  අන්දමට  රටේ   රැදී සිටීමේ නිත්‍යනුකූල බලපත් ඇති එහෙත්  නිත්‍යනුකූල ආයතනයෙන් හෝ හාම්පුතාගෙන්  බැහැරව වෙනත් ස්ථාන වල රැකියාව කරන සියළුම විදේශිකයන් සෞදි  රජය විසින් ලබා දෙන මෙම මාස  තුනක කාළය තම   නිත්‍යානුකූල ආයතනයට  හෝ  හාම්පුතා  යටතට පැමිණ රැකියාව කළ යුතු බවත්  තම සේවා  යෝජකයා සතුව  නියමිත රැකියාවක් නොමැති නම් රැකියාවක් ලබා ගත හැකි වෙනත් ආයතනයකට මෙම ලියකියවිලි  නිත්‍යනූකූලව මාරු කළ යුතු බවත් ඒ සදහා සෞදි  කම්කරු අමාත්‍යංශය වෙතින් පහසුකම් සලසන බවත් සදහන් කරයි.

 කෙසේ වුවද මෙම කාර්යන්  දෙකම ඉටු කර ගැනිමට අපොහොසත් වන විදේශිකයන්  මෙම කාල සීමාවේදී  මෙරටින් පිට විය යුතු බවත්  සදහන් කරන අතර කාල සීමාව  ඉක්මවා යාමෙන් අනතුරුව අදාල සේවා යෝජකයාගෙන්  පරිභාහිරව රැකියාවක්  කරන සියළුම විදේශිකයින් නිත්‍යනුකූල  නොවන අනවසරික සංක්‍රමිකයින්  සේ සලකා  අත්අඩංගුව ගෙන විශාල දඩ මුදලකට යටත් කොට රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද පවසයි.

 මේ අතර විවිධ දුෂ්කරතා  මධ්‍යයේ  අවතැන් වු විදේශිකයින් පිළිබදව කිසිදු සදහනක් මෙම පුවත් මගින් හෙලිදරව්  කර නොමැති  අතරම අනවසරික  සංක්‍රමිකයින් සදහා  පොදු සමා කාලයක්  හෝ සහන කාලයක් පිළිබඳව  කිසිදු තොරතුරක් සෞදිරජය විසින්  මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර  මේ පිළිබදව රියාද් හි  ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයේ  උසස් නිලධාරියකුගෙන්  විමසීමේදී  කියා සිටියේ ශ්‍රී ලාංකික අනවසරික සංක්‍රමිකයින්  හා  අවතැන් වුවන් වෙනුවෙන් සහනයක්  ලබා ගැනීම බලාපොරොත්තු මත ශ්‍රී ලංකා රජයේ ඉහල බලධාරීන්ගේ  මැදිහත්වීමෙන්  සෞදි රජය සමග සාකච්ඡා කිරිමට සදහා තම තානාපති කාර්යාලය මගින්  ශ්‍රී ලංකා රජයට සංදේශයක් ලබා දිමටද කටයුතු  සිදු කරනා බවයි.