නිතර නිතර ශ්‍රී ලංකාවට යන එන පෝලන්ත ජාතික ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් වටිනා සෞදි රියාල් ලක්ෂ දෙකක් සිය බෑගයේ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මීට ටික දිනකට පෙර මෙරටට පැමිණ ඇත.
මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.ජේ.එස් බෝපේආරච්චි මහතා විසින් පැවැත්වීමට නියමිතය.