සෞදි සංචාරක වීසා දික් නොකරයි


සංචාරක විසා මගින් සෞදි අරාබියට පැමිණෙන විදේශිකයින්ගේ විසා කාලය ජුලි 1 දායින් පසු තවදුරටත් දීර්ඝ නොකරන බව සෞදි ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

කෙසේ වුවද යුද වාතාවරණයක් පවතින සිරියා ජාතීන්ට මෙම නීතිය බලනොපාන බවද පවසයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් අල්ලිහාය්දන් පුවත් පත් සමඟ පැවසුවේ නව තීරණය මගින් සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිත උම්රා බැතිමතුන්ට මෙන්ම අනිකුත් විදේශිකයින්ට අවස්ථාව ලබාදීම  මෙහි අරමුණ බවයි,මේ අනුව ජුලි 1 වැනිදායින් පසුව තම  විසා කාලය ඉක්මවූ සියලුම සංචාරක විසා හිමියන් රටෙන් පිටවිය යුතු බවයි.එසේ නොමැතිනම් දඩුවම් ලබාදෙන බවයි.