සෞදි ලාංකිකයනට තවත් අස්ථාවක්


අනවසරික විදේශිකයිනට සෞදි අරාබියේ  කම්කරු  අමාත්‍යංශය  මගින් ලබා දී ඇති  පොදු සමා කාලයට සමගාමීව  ඉතිරි වී ඇති  දින කිහිපයේ  තවමත් තාවකාලික ගමන් බලපත්‍ර ලබා නොගත් ශ්‍රී ලාංකිකයින් සදහා  අවස්ථාව උදාකර දීමට  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සතියේ දිනවල  ඕනෑම දිනයක විවෘතව ඇති බවද නැගෙනහිර පළාතේ අල් කොබාර්  දමාම් ප්‍රදේශයේ  ඇස්ටුන් රෝහල අසල  14 වැනිදා  දවස පුරා යෝජිත  ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී  විශේෂ ජංගම සේවයක්  පවත්වන බවද  රියාද් තානාපති කාර්යාල බලධරයෝ කියති.

 අවතැන් වු හෝ අනවසරයෙන් සෞදි අරාබියේ  රැදි සිටින සියළුම විදේශිකයින්  ජුලි 03 වැනි දිනට ප්‍රථම සෞදියෙන්  ඉවත් වීමට හෝ නිත්‍යනුකූල  රැදී සිටිමේ  ලියකියවිලි සම්පුර්ණ කර ගත යුතු අතර  ජුලි මස 03 වැනි දිනට පසු නිත්‍යානුකූල නොවන  විදේශිකයන් අත්අඩංගුවට ගෙන සෞදි රියාල් ලක්ෂයක දඩ හා  වසර දෙකක සිර දඩුවමකට  යටත් කරන බව  සෞදි රජය ප්‍රකාශ කර සිටී.

 මේ අනුව     අනවසරයෙන් සෞදියේ රැදී සිටින  සියළුම ශ්‍රී ලාංකිකයන්  ජුනි 15 වැනි දිනට පෙර  තානාපති කාර්යාලයයේ  ජංගම සේවා ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා සිටින අතර කිසිදු කාන්තාවක්  ජංගම සේවයට පැමිණි පසු  තානාපති කාර්යාලයේ භාරයට නොගන්නා බැවින් බඩු බාහිර ආදිය සමග නොපැමිණිය යුතු බව  අවධාරණය කරන තානාපති නිලධාරීන් කියනුයේ  සිය තාවකාලික බලපත්‍ර ලබා ගත් සියළු දෙනා  ගමන් ලියවිලි සමග වාර්තා කළ යුතුව ඇත්තේ  ආගමන විගමන කාර්යාල වෙත බවයි.

 මේ අතර නැගෙනහිර පළාතේ ‘නයින්ටි වන්‘  ආගමන විගමන කාර්යාලයයේ  සුදුසුකම් ලත් පුරවැසියන් වෙත  පිටවීමේ විසා  ලබා දීමට කඩිනමින් සුදානම් බව  නැගෙනහිර පළාත් සුභසාධන  නිලධාරී චාලි තලයරත්න මහතා  පවසන අතර  පසුගිය සතියේ පමණක්  ශ්‍රී ලාංකකියින්  විශාල පිරිසකට පිටවීමේ විසා  ලබා දීමට තමා  සහ නුර් පහුම්  මහතා කටයුතු කළ බවයි.

කෙසේ වුවද ඉදිරි දින කිහිපයේ  විශාල පිරිසක් ශ්‍රී ලංකාවට  එවීමට කටයුතු කරනා බව  ආගමන විගමන කාර්යාලය කියයි.