සෞදි කම්කරු නීතිය අනුව යම් ආයතනයක් සේවය අවසන් කිරීමේදී ආයතනය විසින් සේවකයාට දියයුතු ප්‍රතිලාභ කවරේදැයි සෞදි කම්කරු නීතියේ 85 සහ 84 යන වගන්ති යටතේ බව ඇරැබි නිව්ස් පුවත්පත කියයි.
‘කම්කරු නීතිය අනුව සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය වනුයේ සේවකයා ඉල්ලා අස්වීමකදී ,සේවා ගිවිසුම කල් ඉකුත් වීමකදී හෝ සේවා යෝජකයා සේවා ගිවිසුම අහෝසි කිරීමකදීය.
කම්කරු නීතියේ 85 වැනි වගන්තිය ප්‍රකාරව සේවකයා නොකඩවා වසර දෙකකට නොඅඩු සහ වසර 5 කට නොවැඩි කාලයක් තම ආයතනයේ රැකියාව කර සිට ඉල්ලා අස්වී ඇත්නම් තුනෙන් එකක ප්‍රතිලාබයක් හිමිවන බව එම වාර්තා සදහන් කරයි.
නොකඩවා වසර වසර පහකට වැඩි එහෙත් වසර දහයකට අඩු කාලයක් සේවය කළේ නම් ලැබෙන ප්‍රතිලාබය තුනෙන් දෙකක් බව සදහන් වෙයි.
සේවා යෝජකයා විසින් සේවය අහවර කැරුණු විටකදී හෝ සේවා ගිවිසුම කල් ඉකුත් වුවහොත් සෞදි කම්කරු නීතියේ 84 වගන්තිය ප්‍රකාරව හිමිවනුයේ පළමු වසර 5 කාලය සැම වසරකටම දින 15 ක වැටුප් ප්‍රතිලාභ සමග ඊට වැඩි සැම වසරක් සදහාම මාසයක වැටුප බැගිනි.
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය කරනුයේ අවසන් වරට ලබාගන්නා වැටුප සැළකිල්ලට ගනිමිනි.සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය කිරීමේදී සේවය කරන ලද කාලයට සමානුපාතිකව ගණනය කරනු ඇත.


