කොපමණ කලක් සෞදි අරාබියේ රැකියාව කළද අවසන් වරට රටින් පිටවී යාමෙන් නැවත රැකියාවක් සදහා වසර දෙකක කාලයකට සෞදි අරාබියට පැමිණීම වැළක්වීමේ යෝජනාවක් වෙළඳ මන්ත්‍රණ කම්කරු වෙළදපොල කමිටුව විසින් නිදේශ කරනු ලැබ ඇතැයි ‘‘ඇරැබ් නිව්ස්” පත්‍රය කියයි.
මෙම නිර්දේශය ඉහළ බලධාරීන්ගේ අනුමැතිය පිණිස අශරකියා වෙළද මණ්ඩලයේ රැස්වීමකදී සම්මත විය. 1975 වසරේදී අනුමත කර 1977 වසරේදී යාවත්කාලින කරන ලද ගිවිසුම් උල්ලංඝනය කොට මෙරටින් පිටව ගිය විදේශිකයින් සදහා පැනවූ වසර තුන වසරකින් අඩුකිරීම මෙහි අරමුණ බව සදහන් වෙයි.
මෙම නිර්දේශයේ තවත් වගන්තියක් යටතේ යෝජනා වී ඇත්තේ යම් හෙයකින් ගිවිසුම් ප්‍රකාරව තම අභිමතය පරිදි ගිවිසුම දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් රටින් පිටවී යන විදේශික ශ්‍රමිකයන් සදහා වසරක කාලයක් සෞදි අරාබියේ රැකියාවකට පැමිණීම තහනම් වනු ඇති බවයි.

