සෞදි යන අයට ලොකු සහනයක්


සෞදි මිනිස්  බල සැපයුම් ආයතනය තවත් නව සේවාවක්  ඉතා නුදුරේදීම  හඳුන්වාදීමට  යයි.

ශ්‍රමිකයින් බඳවා  ගැනීමේ  කමිටුවේ සභාපති  සාද් අලි බදාන් මහතා අරාබි භාෂාවෙන් පළවන  සෞදි පුවත් පතකට මේ බව ප්‍රකාශ කැර ඇත.

රහා නොහොත් සහන  සේවාවන් මඟින්  සෞදි පුරවැසියන් හට  ගෘහ සේවක සේවිකාවන් ඉතා  ඉක්මනටත් පහසුවටත් ලබා ගත හැකි බව පවසයි.

ශ්‍රමිකයින්  සැපයීමේදී ඇති වන ගැටළු විසදීම ,පෞද්ගලික  විදේශ රැකියා ආයතන  ඉතා වැඩි මුදලක් අය කැර මින් කැරෙන  මුදල් සුරා කෑම  සහ නුපුහුණු  ගෘහ සේවක සේවිකාවන්  පහසු ක්‍රමවේදයක්  යටතේ ලබා දීම වැනි කරුණු ක්‍රමවත් ලෙස සිදු කිරීම්  මේ වැඩපිළිවෙළේ අරමුණ යි.

මෙම සේවාව ලියාපදිංචිය   අන්තර්ජාලය ඔස්සේ  සක්‍රීයව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද පැවසේ.

පසුගිය මාසයේදී සෞදි  කම්කරු අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් නව නීතී යටතේ  ගෘහ සේවක  අයිතීන් මෙමගින්  ආරක්ෂා කරන අතර ඔවුන්  සෞදි අරාබියේ පවතින නීතීයටත් ස්ලාම්  දහමට ගරු කිරීමට බැඳී සිටිය යුතු බව එම පුවත්පත කියයි.

නව නීතීය අනුව කම්කරු අමාත්‍ය  ඇඩෙල් ෆැකී පවසා ඇත්තේ  ශ්‍රමිකයින් සමඟ  එළඹෙන ගිවිසුම ප්‍රකාරව  සෑම හාම්පුතකුටම  මාසය අවසානයේ  ඔහු හෝ ඇය  වැටුප් නියමිත පරිදි ගෙවිය යුතු බවයි.

ඊට අමතරව  සෑම සතියකටම එක් වරක් නිවාඩු  ලබා දිය යුතු බවයි.ඊට අමතරව  යෝග්‍ය නවාතැන් පහසුකම්  ලබා දිය යුතු අතරම  සෑම දිනකම  පැය නවයක විවේකයක්ද ලබාදිය යුතු බව පවසයි.

කෙසේ වුවද ගෘහ සේවක සේවිකාවන්  ඉස්ලාම්  දහමට  ගරු කරමින් සිය හාම්පුතා  අණට කීකරුව ගෘහයේ  රැකියාව කිරීමට  බැදී සිටි අතර  හාම් පුතා විසින්  පවරන ලද රාජකාරි පැහැර හැරීමට  කිසිඳු අයිතියක්  නොමැති අතර  සාධාරණ හේතුවකින්  තොරව රැකියාවේ  නොයෙදීම සිදු කළ  නොහැකි බවද පුත්පත පවසයි.

පිලිපිනය පවසා ඇත්තේ  ඉහත සඳහන් කරුණු මත රැකියාවේ යෙදීම සඳහා   අවම වශයෙන් ඩොලර් 400 ක් (රුපියල් 47200 )   ලැබිය යුතු බවයි.