සෞදි මිතුරු හමුව විසි නව වැනිදා


සෞදි අරාබියේ  නැගෙනහිර කලාපීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත  ශ්‍රී ලාංකිය ස්ලාමීය සංසදය මගින් ඉදිරිපත් කරනු ‘‘සුහඳ හමුව ‘‘ නම් වු අධ්‍යාත්මික  විනෝද ජනක වැඩසටහන   2013 මාර්තු 29 වැනි දින පෙරවරු . 8.00 සිට ප.ව6.00 දක්වා  අල් කොබාර්  අසීසියා  අස්සාදිලියියා නිවාඩු නිකේතනයේ දි පැවැත්වෙන බව ශ්‍රී ලාංකිය ඉස්ලාමීය සංසදය පවසයි.

 ඔබගේ කුසලතාවයන් එළිදැක්වීමටත්,  විනෝද වීමටත් , අගනා ත්‍යාග දිනා ගැනීමටත් , නොමිලේ පවත්වන මෙම මිතුරු හමුව වැඩසටහනට  සහභාගී වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරයි. තේ පැන් සංග්‍රහය ඇතුළු ප්‍රවාහන පහසුකම් ද නොමිලේ සපයනු ඇත.