
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා මෙම සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූවාය.


