ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිරිපාල ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතියේය. පොල් තෙල් පහන දල්වා ජාතික ධජය ඔසවා ජාතික ගීය ගැයු අතර සිංහල, දෙමළ, ඉංග්‍රිසි, හා අරාබි භාෂාවලින් සියලු ආගමික වතාවත් සිදු විය.
ජනපති අගමැති හා විදේශ ඇමති නිදහස් සමරු පණිවිඩය කියවීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා නිදහස් දින සමරුව පිලිබදව විශේෂ දේශණයක් පැවැත් වීය.
සෞදි අරාබියේ වෙසෙනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වාර්ශිකව අප මව් බිමට බැර කරන විශාල රට සල්ලි ප්‍රමාණය අමතක නොකල යුතු බවත් ඔවුන් වෙනුවෙන් හා ඔවුන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් සේවය කිරීම නව තානාපති කාර්යාලයේ වගකීමක් බවත් ඉදිරියටත් සේවය ශක්තිවන්තව කරගෙන යාම තම අරමුණ බව ඔහු කීවේය.