සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාප ජංගම සේවාව ජුනි හය වැනි සිකුරාදා උදෑසන 8 සිට සවස 2 දක්වා දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටුන්රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා පාසල් පරිශ්‍රයේ දී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධරයෙක් කියයි.
විෂය භාර නිලධරයන් මෙම ජංගම සේවාවට සහභාගී වන බැවින් තම අවශ්‍යතාවය අනුව තමන්ගේ කාර්ය ඉටු කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන් උදෑසනින් එන්නැයි සංවිධායකයෝ කියති.
මැයි මස ජංගම සේවාව නොවැලැක්විය හැකි හේතු මත පැවැත්වීමට නොහැකි වීම ගැන ද තානාපති කාර්යාලය කනගාටුව ප්‍රකාශ කරයි.

