සෞදි නැගෙනහිර කලාප ජංගමේ නොවැම්ර් 01


සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වීමට දින තුනක කාලයක් තිබියදී  පැවැත්වෙන අවසන් තානාපති  ජංගම සේවාවට නොවැම්බර් මස පළමුවැනි සිකුරාදා උදෑසන 8 සිට පස්වරු 2 දක්වා දමාම් කොබාර් අධිවේගී  මාර්ගය ආශිතව  ඇස්ටුන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයේ ශ්‍රී ලංකා තානාපති  උපදේශක අනුර මුතුමාල මහතා පැවසීය.

පොදු සමා කාලය දීර්ඝ කිරීමක්  සිදු නොවන බැවින්  නොවැම්බර් මස 3 වැනි දිනට පෙර සියළුම නිතී විරෝධී විදේශිකයන් තම  තම ලිය කියවිලි නීත්‍යානුකූල කර ගැනිම හෝ රටෙන් පිටවිය යුතු බව සෞදි රජය විසින් සෞදියේ  පිහිටි සියළු විදේශිය තානාපති කාර්යාල වෙත  දන්වා ඇති බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවද කුමන හෝ ආකාරයක දුෂ්කරතාවයන් පිළිබඳව  සොයා බලා නීතීමය කටයුතු කිරීමට  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තව දුරටත්  ක්‍රියා කරන අතර නොවැම්බර් පළමු වැනි දින පැවැත්වෙන නැගෙනහිර කළාප ජංගම සේවා සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අංශ භාර නිලධාරීන් සැළැකිය යුතු පිරිසක් පැමිණිමට නියමිත බවද අනුර මුතුමාල මහතා පැවසීය.