සෞදි තානාපති ශනිදා වැඩ බාර ගනී


විදේශ අමාත්‍යංශ තානාපති නිලධාරියකු වන වඩිවෙල්  ක්‍රිෂ්ණමුර්ති  මහතා    සෞදි අරාබියේ  රියාද්  නුවරදී     සෙනසුරාදා  රාත්‍රි 9.20 ට ශ්‍රී  ලංකා තානාපති පදවියේ වැඩ බාර ගැනීමට නියමිතය.

 සෞදි අරාබි  විදේශිය අමාත්‍යංශයේ  විශේෂ පිළිගැනීමේ  නිලධාරියෙක් ගුවන්තොටුපළේදී  වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා  පිළිගත්තේය.රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ  අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා  පාහඩ් රජු  ගුවන් තොටේදී නව තානාපති පිළිගත්තේය.

 ශ්‍රී ලංකා  රජය වෙනුවෙන්  විශේෂ රාජ්‍යතාන්ත්‍රික  මෙහෙයක් ඉටු කරමින්  වසර තිහකට අධික  විදේශ සේවා පළපුරුද්දක් ඇති  ක්‍රිෂ්ණ මුර්ති මහතා  සෞදි අරාබියේ වෙසෙන  ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්  වැදගත් කාර්ය භාරයක්  උසුලනු ඇතැයි  තානාපති කාර්යාලයයේ  තුන්වැනි  ලේකම් රොෂාන්  ගුණවර්ධන මහතා  වෙත පවසයි.

 කෙසේ වුවද  බ්‍රහස්පතින්දා  තානාපති කාර්යාලයයේ  නිලධාරීන් හමු වු  නව තානාපති  ක්‍රිෂ්ණමුර්ති මහතා  ඉදිරියේදී  ගතයුතු පියවර  පිළිබඳව  කෙටි සාකච්ඡාවක්  පැවැත් වු අතර ලබන සෙනසුරාදා (1)  නිළ වශයෙන්  තානාපති ලෙස වැඩබාර ගැනිමට කටයුතු කරනා බවද  පැවැසීය.