සෞදි ජංගම සේවාව සිකුරාදා


සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයය මෙයෙවන නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි උදෑසන 8.00 සිට පස්වරු 2.30 දක්වා අලි කොබාර් අල් බුස්ථාන් හෝටල් පරිශ්‍රයේදී  පවත්වන බව රියාද් තානාපති කාර්යාලයය පවසයි.

ගමන් බලපත් දීර්ඝ කර ගැනීම, උප්පැන්න ලියාපදිංචි කිරීම්, අලුත් ගමන් පලපත්‍ර ලබා ගැනීම ඇතුළු අනිකුත් කරුණු සඳහාත් කම්කරු ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහාත් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන බැවින් ඔබගේ අවශ්‍යතාවන් අනුව අදාළ පිලි ලේඛන ද සමගින් පාන්දරින්ම පැමිණ තානාපති නිලධාරීන්ට සහාය දෙන මෙන් ඉල්ලා සිටින බව ද බලධාරීහු සඳහන් කරති. අවතැන් වූවන් ලියාපදිංචි කිරීම ද මෙදින සිදු කරන බව   වැඩිදුරටත් නිලධාරියෝ කියති.