සෞදි ජංගම සේවයක් 25 වැනිදා


සෞදි අරාබියේ  වෙසෙන නීතී විරෝධි  විදේශිකයින්  සදහා  සෞදි  රජය විසින් දෙන ලද   පොදු සමා කාලයට සමගාමීව ගසීම් බුරෙයිඩා හි  විශේෂ ජංගම සේවාවක්  පවත්වන බව  රියාද් තානාපති කාර්යාලයයේ  අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල මහතා පවසයි.

 මෙම මස  25 වැනි දින  උදේ 8.00 සිට පස්වරු 2.30 දක්වා ගසීම්  බුරෙයිඩා  වර්ල්ඩ් ඩෝර්  ඔෆිස් හි  පැවැත්වෙන  අතර  අවතැන් වු නීති විරෝධි හෝ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින් සදහා  තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම  මෙම විශේෂ ජංගම සේවාව මගින් සිදු කෙරේ.

 විශේෂයෙන්ම පොදු සමා කාලය  යටතේ  සෞදි අරාබියෙන් පිටවීමට බලාපොරෙත්තු වන ගසීම්  බරයිඩා ප්‍රදේශයේ  වෙසෙන ශ්‍රී ලාංකිකයින් තමා සෞදි අරාබියට පැමිණෙන විට  සන්තකයේ තිබු  ශ්‍රී ලංකා රජය විසින්  නිකුත් කරන ලද  ගමන් බලපත්‍රයේ වීසා සටහන්  කරන ලද පිටුවේ  පිටපතක් හෝ  සෞදි  රජය විසින්  නිකුත්කරන ලද  ඉකාමා  බලපත්‍රයේ  පිටපතක්ද ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්ද රැගෙන එන ලෙස  දන්වා සිටින  අතර මෙදින කිසිදු  කාන්තාවක්  තානාපති ජංගම සේවා භාරයට නොගන්නා  බවද අවධාරණය කර සිටි. වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා  06/3238441 සහ,06/3242628 හෝ05/41277614 අමතන  මෙන් රියාද් තානාපති  කාර්යාලය කියයි.