සෞදි ගිහින් කුණු බක්කි කයි


‘ මමත් තවත් සෞදි  ශ්‍රී ලාංකියින් පිරිසක්  සමඟ සෞදියේ  මහපාරවල්වල  ජීවත්  වුණා. සල්ලි නැති නිසා  හිගා කෑවා.සමහර දවස්වලට බඩගින්න  දරා ගන්න බැරිව  කුණු බක්කිවලට දමන ආහාර කෑවා.‘

 මාස හතරක් පමණ සෞදි අරාබියේ  පදික වේදිකාවල ජිවත් වෙමින්  සිට මෙරටට පැමිණි  උඩවලවේ එම් ජී  ජානක පුෂ්පකුමාර (23) තරුණයා කියයි.

සෞදියේ ලැබෙන වැටුපෙන් ණය ගෙවා  නිවසක් ගොඩ නඟා පවුලේ ආර්ථිකය ශක්තිමත් කැර ගැනීම  ඔහුගේ  සිහිනය විය.

 ජානකගේ සිහිනය බොඳව ගියේ  අකාරුණික විලාශයෙනි. නිවසක් ඉදිකිරීමට අත්තිවාරමක් දමා  ගිය ඔහුට සිදු වුයේ  තම පවුල පදිංචි නිවෙස උගසට  තැබු මුදලින් ලංකාවට පැමිණිමටය.

‘ගෙයක් හදන්න අත්තිවාරමත් දමා රට ගිය මට සිද්ධ වුනේ  මගේ අම්මයි ,තාත්තයි,නංගියි පදිංචි පැල්පත  උගස් කරලා ලක්ෂ  රුපියල් ලක්ෂ තුනක්  සෞදියට ගෙන්වාගෙන අපහු ලංකාවට එන්නයි.‘