සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන්


ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක්  විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය.

අක්කරේපත්තුවේ එම්. එච්. රෆ්නාස් , රත්නපුර ඒ. එස්. එම්. සුජාන්, ගිරිඋල්ලේ පී. ජී. කමනි, ඇතිමලේ කේ. පී. කේ. චන්ද්‍රාවතී, කල්ලඩිහි එන්.  රීටා සහ ගලෙන්බිඳුනුවැව පී. ටී. මොහොමට් රියාස් එසේ අතුරුදන් වී ඇතැයි ද, ඔවුන් සවුදි අරාබියට ගොස් ඇත්තේ 2004 සහ 2014 අය දස වසර තුළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අතුරුදන්වූ මෙම පිරිස ගැන යම් තොරතුරක් ඇත්නම් 011 4379328 අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞදි අරාබියේ සිටින ශ්‍රමිකයන් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

- ඩේලිමිරර් ඇසුරෙනි