සෞදි ගිය ලාංකිකයාගේ සිරුර රෝහලක කොරිඩෝවේ


සෞදි අරාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයකු (30) ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇතැයි එරට අරැබ් නිව්ස් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.

 සෞදි අරාබියේ නැගෙනහිර පිහිටි ක්වාටිෆ් නැමැති රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි   ඔහුගේ සිරුර රෝහල් කොරිඩෝවක තිබී  හමුවී ඇත.

සෞදි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම ලාංකිකයා ගොඩනැගිල්ලෙන් වැටී මියයාම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙන අතර ,එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ මොහු රෝහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගෙන ඇති බවය.

 ලාංකිකයා සියදිවි නසා ගත්තේද නැතහොත් මෙය ඝාතනයක්ද යන්න සෙවීම විමර්ශන ඇරැඹී ඇත.