සෞදි ගිය පිරිසකට සහන ලැබේ


‘‘දමාම් හි සෆ්‍රවා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් ගැන සොයා  බැලු බව රියාද් ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයයේ  තුන් වැනි  ලේකම් රොෂාන්   ගුණසිංහ මහතා පවසයි.

 සෞදි අරාබියේ  නැගෙනහිර පළාතේ  දමාම් සෆ්වා  ප්‍රදේශයේ  කිං පාඩ්  ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රදේශයේ  සෆ්රී ආයතනයට  පිරිසිදු කරන්නන් ලෙස පැමින දුෂ්කරතාවයන්ට හෝ  ශ්‍රී ලාංකිකයින් දෙසිය දෙනකුගේ  ප්‍රශ්න පිළිබඳව  සොයා  කඩිනමින්  විසදුම් ලබා දීමට කටයුතු කරන බව ගුණවර්ධන මහතා කියයි.

තානාපති කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා  එම ආයතනයේ නිල සංචාරයකින්  මාසයේ නියමිත වැටුප් නොලබා සිටි ශ්‍රී ලාංකිකයින් දෙසීයක් පමණ  පිරිස  අතුරින් 175 දෙනකුට එම අවස්ථාවේම වැටුප් ලබා දීමට කටයුතු කළ බවත් විසි පස් දෙනකුට පමණ වැටුප් ලබා දිම පිළිබද  යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණද  එහි පාලන අධිකාරියේ  ශ්‍රී ලංකා විධායක  නිලධාරියකු පවසා ඇතතේ  ඉදිරි දින කිහිපය ඇතුළත   එය ලබා දිමට කටයුතු කරන බවයි.

 කෙසේ වුවද සනිපාරක්ෂක කටයුතු මෙන්ම ජලය ,නාන කාමර, නවාතැන් , රක්ෂණ ආවරණ  හා වෛද්‍යාධාර පිළිබදව ප්‍රශ්න රාශියක්  පිළිබදව එහි රැකියා කරන ශ්‍රී ලාංකික තරුණයින් පැමිණිලි කිහිපයන් යොමු කර ඇති බවත්  ගුණවර්ධන මහතා පවසයි.

 සිකුරාදා  දින රොෂාන් ගුණවර්ධන මහතා  සමඟ නැගෙනහිර පාලක  චාලි කලයාරත්න නූර් පහුම් සහ තවත් නිලධාරීන් දෙදෙනකු සමඟ  එම ආයතන  පිහිටි නිවාස සංකීර්ණයට ගිය බවත්  සියලු කරුණු  පිළිබදව ආයතන  බලධාරීන් සමඟ  සම්මුතියකට පැමිණි බවත් ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්  නිතිමය පියවර ගන්නා බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වුවද කුමන ප්‍රශ්නයක් හේතු කරගෙන හෝ  සෞදි අරාබියේ  වැඩ වර්ජනය හෝ  අනිකුත් නීතී විරෝධි ක්‍රියාපටිපාටි  අනුගමනය කිරිමෙන්  තම අරමුණ ඉටු කරගැනීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි..