සෞදි ගිය කතුන්ට සහනයක්


නීතී විරෝධි  විදේශිකයින්  සදහා වු පොදු සමා කාලයට සමගාමීව  සෞදි අරාබියේ රියාද් කළාපයේ  වෙසෙන ශ්‍රී ලාංකික  කාන්තාවන්හට  නිකුත් කරන ලද තාවකාලික ගමන්  බල පත්‍ර   සමඟ ශ්‍රී ලංකා  රියාද් තානාපති කාර්යාලයට එන්නැයි ඉල්ලීම් කැරෙයි.

පැමිණෙන විටදී  ගමන් ලියැවිල්ල  සමඟ තමා සෞදි  අරාබියට පැමිණෙන විට  තමා සන්තකයේ තිබු  ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කැරුණු ගමන් බල පත්‍රයේ වීසා  සටහන් කරන ලද  පිටුවේ පිටපත්  හෝ සෞදි රජය විසින් නිකුත් කරන ලද  ඉක්වා කාඩ් පතෙහි  පිටපතක්ද රැගෙන එන ලෙස  අවධාරණය කරයි.

 අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල  මහතා පැවසුවේ  පොදු සමා කාලය උපයෝගී කරගෙන  සෞදියෙන් පිටව යන  සියළු දෙනාගේම අනන්‍යතාව තහවුරු  කර ගැනීමත්  ආගමන විගමන  කාර්යාලය මෙසේ  අදාල ලිපි ලේඛන ඉල්ලයි.

විශේෂයෙන්ම  සෞදි අරාබියේ  පවතින නීතී රෙගුලාසි  අනුව කාන්තාවන් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස වීසා ලබා ගැනීම සදහා ආගමන විගමන  කාර්යාල වෙත යෑමෙන් ඇති වන දුෂ්කරතා  අවම කිරිම සදහාත් කාන්තාවන්ගේ  පිටවීමේ වීසා පත හා ලබා ගැනීම සදහා  තානාපති  කාර්යාලය  සෘජුවම මැදිහත් වී එම කටයුතු කර දෙන බවත් ඔහු පවසයි.