සෞදි ගිය කතක් ගිනි තබා මරා දාලා ?


සෞදි අරාබියේ අසිර් ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් ලෙස පැමිණ ශ්‍රී ලාංකික  කතුන් දෙදෙනකු රිය අනතුරකින් සහ පිළිස්සීමෙන් මිය ගොස් ඇතැයි කමිස මුසායිඩ් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගිය දෙදෙනාගෙන් එක් කාන්තාවක තිකුණාමල උප්පුවේලියේ  පදිංචිව සිට මීට මාස හයකට කළින් සෞදි අරාබියේ අසීර් ප්‍රදේශයේ කමිස මුසායිඩ්  හි නිවසක රැකියාව කරන ලද පස් දරු මවක් වන නසුරා යනුවෙන් හඳුනාගෙන ඇත.

එම නිවසේ හාම්පුතාගේ බිරිය විටින් විට පහරදීම් සහ හිරිහැර කරමින්  මෙහෙකාරකමෙහි යොදවා  ඇත.ඇය මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාවට  පැට්‍රල් හෝ වෙන කිසියම්  දෙයක් ශරීරයට වත් කර කාමරයක දමා ගිනි තබා ඇති බව මිය යාමට මොහොතකට  කලින් අසිර් රෝහල් සේවිකාවන්ට පවසා ඇතැයි වාර්තාවේ.

එහි සිටින ශ්‍රී ලාංකික  සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පැවසුයේ  නසුරා නැමැති මෙම කාන්තාව ශරීරය සම්පුර්ණයෙන්ම පුළුස්සා කිසිවකු විසින්  අසීර් රෝහල් පරිශ්‍රය ආසන්නයට ගෙනවිත් දමා  පලාගොස් ඇති බවත් පිටතට පැමිණ ඇති  රෝහල් නිලධාරියකුට කෙදිරිලි හඬ ඇසී  විපරම් කිරීමෙන් අනතුරුව හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කළ බවයි.

රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු  සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදී පිළිස්සු ආකාරයත් කරන ලද හිරිහැරත් පිළිබඳ තොරතුරු  අනාවරණය කැරගෙන ඇත.

කෙසේ වුවද මෙම කාන්තාව ඊයේ  උදෑසන හයට පමණ මිය ගොස් ඇති බවද ඇගේ මෘත දේහය අසීර් රේහලේ  තැනපත් කර ඇති බවද පවසයි.මෙම කාන්තාව අනතුරු සහිතව සිටින විටදී කිසියම් අයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිබියකට ඇඟිලි සලකුණු ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර අබා ප්‍රදේශයේ සිට  කිලෝමීටර් අසූවක් පමණ දුරකින් පිහිටි දරබ් කඳුකර ප්‍රදේශයකදී  තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් තම රැකියාව කරන ලද නිවසින් පලා යමින් සිටියදී රිය අනතුරට ලක් වී මිය ගොස් ඇති බවද ජෙඩා කොන්සියුලර් කාර්යාලයට වාර්තා වී ඇත.

මෙම කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ  මෙතෙක් තොරතුරු වාර්තා වී නැති මුත් ශ්‍රී ලාංකික කාන්තාවක් බවට තහවුරු වී ඇති බව ජෙඩා කොන්සියුලර් ආරංචි සඳහන් කරයි .මෙම කාන්තාවගේ මෘත දේහය ජිසාන් රෝහලේ තැන්පත් කැර ඇත.

 fff