දක්ෂ නීතිඥයින් යෙදවුව හොත් සෞදියේ දී ගල් ගසා මරා දැමීමේ දඩුවම නියම වී සිටින කාන්තාව බේරා ගැනීමට හෝ දඬුවම් ළිහිල් කර ගැනිමට හෝ හැකියාවක් ඇතැයි බලපත්‍රලාභී විදේශ රැකියා එජන්සිකරුවන්ගේ සංගමය කියයි.
ෂරියා නීතිය අනුව ගල් ගසා මරා දැමීමේ දඩුවම නියම වන්නේ ඇසින් දුටු සාක්කි හතරක් තහවුරු කර ගැනීමෙන් පසුව බවත්, ඒ ඔස්සේ ගොස් දඩුවම ළිහිල් කර ගැනිමේ හැකියාව පිළීබඳව සොයා බැලීමට නීතිඥයින් යෙදවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හැකියාව ඇති බවත් ඇල්ෆියා සභාපති ෆයිසල් මකීම් මහතා කියයි.ඇය වෙනුවෙන් දැනට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

