අබ්දුල් අෂීස් බින් ෆාඩ් (41) සෞදි රජ කුමාරයාගේ රිය පෙළට පැරිස් නුවරදී කඩා වැදුණු අවිගත් කොල්ලකරුවෝ ඩොලර් තුන්ලක්ෂයක් (රුපියල් 39600000) පැහැර ගත්හ.
බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය ඉරිදා රාත්‍රියේ සිදු වුයේ උතුරු දිග ප්‍රංශයේ දීය.සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක් සමඟ ලෙබූෂේ ගුවන්තොටේ තම පෞද්ගලික ජෙට් යානය බලා ගමන් කරන අවස්ථාවේදීය.
බලක්ලාවා මුහුණු ආවරණ පැළැඳ සිටි කොල්ලකරුවන් රිය පෙළ මුලට කඩා වැද අවි පෙන්වා මර්සිඩීස් වෑන්රියේ තිබු මුදල් හා ලියවිලි ද කුමාරයාගේ බෙහෙත් ද පැහැරගෙන ගිය බව ප්‍රංශ පොලීසියි කියයි.
පැරීසීයේ ජෝර්ජ් වී හෝටලයේ සුඛෝපභෝගී කුටියක දෙමාසයක් සිටි සෞදි කුමාරයාට හෝ සෙසු රියවල ගමන්ගත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත.කොල්ලකරුවන් පලා ගිය බී එම් ඩබ්ලිව් හා මර්සිඩීස් කාර් පසුව පුළුස්සා දමා තිබිණි.
පැහැරගෙන ගිය සහායකයෝ තිදෙනෙක් මුදා හරිනු ලැබුහ.
කුමාරයා පැරිසියේ සෞදි අරාබි තානාපති කාර්යාලයයයේ සිට ගුවන් තොටට යමින් සිටියේය.


