සෞදි කුමරු ඊශ්‍රායල අගමැතිට ‘බෑ’ කියලා


සෞදිය සහ හූති සටන්කාමීන් අතර ගැටුමක් පවතින්නේ, සෞදි රජය, ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයට සහාය දක්වන බැවිනි. හූතිවරුන් එම රජය පෙරළා දැමීමට අරගල කරන කණ්ඩායමය.

හූතිවරුන් ෂියා මුස්ලිම් වන අතර, සෞදිය සුන්නි මුස්ලිම්ය. එබැවින්, සෞදිය සහ හූති සටන්කාමීන් අතර පවතින්නේ ආගමික ගැටුමකි.

හූතිවරුන්ට ඉරානයේ සහාය හිමිවෙයි. කෙසේ නමුත් මේ වනවිට පවතින ගැටුම්වලදී තමන් කිසිදු ආකාරයකින් හූති සටන්කාමීන්ට සහාය නොදක්වන බව ඉරානය පවසා ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් සෞදි රජය සමග සාකච්ඡා පවත්වා ඇත.

ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ හූතිවරුන් අතර සටනට මැදිවුවහොත්, ඉරානය නිසැක වශයෙන්ම හූතිවරුන්ගේ සහායට පැමිණෙනු ඇති බවටත්, ඉන්පසු ඇමෙරිකාව ද සටනට මැදිහත් වී අවුල් ජාලයක් නිර්මාණය වන ඇති බවටත්, දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

සෞදි කුමරු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උදවු ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එබැවින් යැයි ද පැවැ​සෙයි.