සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ


සෞදි අරාබියේ  රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත්  සැත්කමක් නොමිලේ කළ සෞදි රජය ඔහු ශ්‍රී ලංකාවට එවීය.

රියදුරකු ලෙස එහි ගිය ගාල්ල අඟුළුගහ එම් එම් සමරවීර ඔහුය.

සමරවීර මහතා මෙසේ කියයි.

‘සෞදි අරාබියට පැමිණ වසරක් පමණ ඇති . හාම්පුතා සමඟ ගැටුමක් ඇති වුණා . ඔහු ළඟ රැකියාව නැවැතුණා. ටික දිනකට පසුව ලංකාවට යවන බව  බව පවසා ඔහු මා ගුවන්තොටුපොළට ගෙන ආවා.

පසුව ගුවන්තොටුපොළේ අවසන් කවුළුවෙන් ආපසු හරවා එව්වා . නියමිත පරිදි  පිටත්වීමේ විසා ගමන් බලපත්‍රයේ  සඳහන්  කර නොමැති බව එතැනින් කීවා.‘ 

ඉන් පසුව ඔහු ආගමන විගමන භාරයට ගෙන රැදවුම් කඳවුරට යවනු ලැබීය. එහිදී   හදවත් රෝගයකට ලක්වී  දමාම් රජයේ රෝහලට ඇතුළත් කැරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චාලි තලයරත්නමහතා සහ පතිරාජ මහත්වරුන් මැදිහත් වී රෝහලේ බලධාරීන් සමග සාකච්ඡා කළහ.

ග්‍රී ලංකා මුදලින් රුපියල් විසි ලක්ෂයකට අධික මුදල රෝහල් බලධාරීන් අයකර නොගත් බව  තලයරත්න මහතා කියයි.

සතියක පමණ කාලයක් ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය. ශ්‍රී  ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට සියලු කටයුතු නිම කර ඇති බවද  තලයරත්න මහතා පවසයි.

 

btpass2