සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් 91 පිහිටි ආගමන විගමන කඳවුරේ රඳවා සිටින ඉන්දිය හා ශ්‍රී ලාංකික රැදවියන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මල්ලක් බැගින්
ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පිරිනැමිණි.
දමාම් අවට වෙසෙන ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කෙරුණු මෙම භාණ්ඩ මල්ලට ටී ෂර්ට් කලිසම්,සරොම්,කමිසා,තුවා, දත් බෙහෙත්, සබන්, රෙදි සේදීමට ගන්නා කුඩු, යට ඇදුම් ඇතුළු දේ අඩංගු විය.
වටිනාකමින් රුපියල් 6000 ක පමණ වෙයි. ඉන්දීය ජාතිකයන් 500කට පමණ සහ එහි සිටින 75 දෙනකු පමණ වු ශ්‍රී ලාංකික රැදවියනටද මෙම තෑගි ලැබුනහ.
මෙතෙක් කිසිදු දිනෙක මෙවැනි ආධාර මල්ලක් මෙම කඳවුර තුළදී කිසිවෙකුත් පරිත්‍යාග කර නොමැත. කෙසේ වුවද අද (25) රාත්‍රී ශ්‍රී ලාංකික රැදවියන් එකොලොස් දෙනකු මව් බිමට යැවීමට සෞදි බලධාරීන් කටයුතුකර ඇති බවද ඔහු පවසයි.