(ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින 90ක පොදු සමාකාලය වෙනුවෙන් එරට නැගෙනහිර පළාතේ වෙසෙන අනවසර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
අප්‍රේල් 7 වැනිදා සිට ක්‍රියාත්මක වන ජංගම සේවා අල් කොබාර් නගරාසන්නයේ ගෝල්ඩන් ටියුලිප් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.
ගමන් බලපත,එහි අංකය හෝ ජාතික හැදුනුම් පත් අංකය සමග මෙහි පැමිණෙන සියලුම පුරවැසියන් ලියාපදිංචි කරන බවත් තාවකාලික ගමන් බලපත් සදහා ඉල්ලුම් පත් බාර ගන්නා බවත් පවසයි.
තාවකාලික ගමන් බලපතක් සදහා සෞදි රියාල් 190 මුදලක් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව ද එම කාර්යාලය ප්‍රකාශ කරයි.
0542069121,0542069140 හා 0542069184 යන දුරකතන අංක හරහා තොරතුරු ලබාගත හැකි බවද එම කාර්යාලය පවසයි.

