සෞදි අමාත්‍ය උපදේශකට උපහාර


හත් වසරක් සෞදි අරාබියේ රියාද්හි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  අමාත්‍ය උපදේශක හා  කම්කරු උපදේශක ලෙස කටයුතු කළ අනුර මුතුමාල මහතා කළ සේවය වෙනුවෙන් සෞදියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකිකයෝ සම්මානයක් පුද කළහ.

ඔහු නොබෝ දිනකින්  ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

ගුරු  වෘත්තියෙන් රාජ්‍ය සේවයට එක් වු  අනුර මුතුමාල මහතා එක්දහස් නවසිය අනු තුන වසරේ සිට අනුඅට වසර දක්වා  දේශීය ආදායම් බදු නිලධාරියකු ලෙස ද කටයුතු කැර ඇති අතර එක්දහස් නවසිය අනු අට වසරේදී  රාජ්‍ය පරිපාලන සේවයට එක් වු  මුතුමාල මහතා  නියෝජ්‍ය කම්කරු කොමසාරිස්  සහකාර කම්කරු කොමසාරිස් හා කම්කරුකරු කොමසාරිස්වරයකු ලෙස උසස් වීම් ලබමින්  ශ්‍රී ලාංකික ජනතාව වෙත  විශාල සේවයක් ඉටු කැර ඇත.

2010 වර්ෂයේ ජුලී 7 වැනිදා  සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ  පළමු ලේකම් ලෙස  පත්ව ආ අනුර මුතුමාල මහතා  කම්කරු උපදේශක ලෙසත්  ඉන් අනතුරු මේ දක්වා  අමාත්‍ය උපදේශක ලෙසතු කටයුතු කරයි.

අනුර මුතුමාල මහතා සිය සේවා කාලයේදී  ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්  සිදු කළ මෙහෙයන් අතුරින් විශේෂයෙන් අනවසරික විදේශිකයන් සදහා  සෞදි රජය විසින්

2013- 04 - 06 දින සිට සමගාමීව ශ්‍රී ලංකාවේ අවතැන් වුවන් හා  නීතී විරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන්  සිදු කළ ජංගම සේවාවන් හා අනෙකුත්  සේවයන්වලදී ශ්‍රී ලංකා නානාපති වඩිවේල් ක්‍රිෂ්ණ මුර්තී  උපදේස් මත මුතුමාල මහතා විශාල සේවයක් ඉටු කළේය.